තරු අරුන්දතී - ඩබ්ලිව්. ඩී. අමරදේව | Tharu arundathi - WD Amaradewa - sinhala lyrics


තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
මඟ වනස්පති ලිය ලදල්ලකින්
පිණි පොදක් සෙමෙන් සලනා

ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ
කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා
අළුත් මලින් පිරි වනෝද්‍යානේ
සැඳෑ ‍බොල් හුළ‍ඟේ
මට තනියක් දැනුණා

තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොහි ගියේද මට සිතුණා

වැලපෙන මා හද කැටපත් පවුරේ
හංස ගීතය ලියැවෙන දා
පළමු අරුණු රන් රේඛාවක් සේ
ප්‍රාර්ථනා සුව‍ඳේ ඔබ එතැයි සිතුණා

පිපි මලින් මලේ රොන් සුනු විසිරී
හද දිදී සුසුම් රඟනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොයි ගියේද මට සිතුණා

කොයි ගියේද මට සිතුණා//


ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : ස්ටැන්ලි පීරිස්




වීඩියෝව ගත්තේ මෙතැනින් : Dinura Pradeep Balasooriya

Comments

  1. මගේ ප්‍රියතම ගීයක්

    ReplyDelete
  2. http://deejananotes.blogspot.com/2012/08/blog-post.html

    ReplyDelete
  3. * පළමු අරුණු රන් රේඛාවක් සේ
    ප්‍රාර්ථනා සුව‍ඳේ ඔබ එතැයි සිතුණා

    ReplyDelete
    Replies
    1. නිවැරදි කළා. ස්තූතියි!

      Delete
  4. *ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ

    ReplyDelete
  5. *කොයි ගියේද මට සිතුණා
    කොහි ගියේද මට සිතුණා

    ReplyDelete
  6. What is the story behind this song?

    ReplyDelete
  7. Koheda song eke story eka tiyenne theruma danaganna baluwe lyrics witarai ne tiyennne

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...