රුවක් ඇදෙනවා - කරුණාරත්න දිවුල්ගනේ | Ruwak adenawa - Karunarathna Divulgane - sinhala lyrics



රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැදි රුව දියකර පා කර
ඔබේ ලොවට මා..මොහොතින් එනවා...

සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ...//
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ

රුවක් ඇදෙනවා...//

නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා
හතර අතින් දළුලා එනවා...//
අවන්හලේ මීවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා..

රුවක් ඇදෙනවා...//

ගායනය : ගුණදාස කපුගේ සමඟින් කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : මහින්ද දිසානායක
සංගීතය : ගුණදාස කපුගේ

Comments

  1. රුවක් ඇදෙනවා ගීතය ගැන...
    https://youtu.be/JJXUZQYsU8M

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...