ඈතින් ඈතට ඈතින් ඈතට
ඈතින් ඈතට ගියා...
මා ලඟ තිවු සිත අරන් ගියා
සුවඳ වත් මා ලග නොතියා
අමතක කරලන්නම් කියා ගියා..
අමතක කරලන්නම් කියා ගියා..
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි...//
සීතල වැහි බිංදු සේම කදුළු
කඩා හැලෙනවා නිමක් නොවේ
පොළව ඉහිලුවත් ඒ වැහි බිංදු
කදුළු ගලන්නට ඉඩ මදිලු
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි...//
ජීවිතයේ මඟ මට හරි නුහුරු
ඉර බටු තරුවයි මග පෑදූ
ඈතක ගිය තරුවක මා දැවටි
පැතුම් පතාවී මග තනිවී
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි...//
ගායනය - චාමර වීරසිංහ
තනුව - ප්‍රියන්ත නාවලගේ
පද - ජනජීව වේහැල්ල
Sinhala Old Hits

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...