බිංදු බිංදු රන් - ඩබ්ලිව්. ඩී. අමරදේව | Bindu bindu ran - WD Amaradewa - sinhala lyrics


බිංදු බිංදු රන් ගෝමර මාලා
බන්දා ගෙල වට ඔමරි ලතාවට
කන්දෙන් පාවී...// ලංදට බසිනා
රන්වන් රන්වන් මගෙ රන් කිකිළි
රන් වන් රන් වන් රන් කිකිළි...//

හුරු නැති මලක ගොස් උගුලක වැටෙනු එපා
කළුවර ගලද්දී තනි මග ඇදෙනු එපා
සිරිකත මැවූ සිරි දෙනයන මකනු එපා
පිරිවර සොයා මා තනිකර යන්න එපා.....

කුණ්ඩ සමන් පෙති සුවඳ හළාලා
රන් හිරුරැස් කෙදි දෙරණ සිඹින විට
මන්දැයි තවමත්..// ලංදට නාවේ
රන්වන් රන්වන් මගෙ රන් කිකිළි
රන් වන් රන් වන් රන් කිකිළි...//

ගායනය : ඩබ්ලිව් ඩී අමරදේව
සංගීතය : ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය : මඩවල එස්. රත්නායක

Comments

  1. බිංදු බිංදු රන් සිංහල සිංදුව

    ReplyDelete
  2. රන් ගිරි ගිරි ගිගිරි රන්

    ReplyDelete
  3. රන් ගිරි ගිරි ගිගිරි ගිගිරි රන්

    ReplyDelete
  4. රන් ගිරි ගිරි ගිගිරි ගිගිරි ගිගිරි වලලු සලසලා

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...