ආශාවේ මල් - බණ්ඩාර අතාවුද | Ashawe mal - Bandara Athauda - sinhala lyrics


ආශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළු නුඹ මගේ කළු
නයන කළු නුඹ මගේ කළු..

රෑ නිල් අහසේ නිදන සදවතී..
රෑ නිල් අහසේ නිදන සදවතී..
අදින සළු.. මිදුලෙ එලූ..
අදින සළු.. මිදුලෙ එලූ..

සුන්දර නින්දේ මා සිහිවෙනවද
කියනු කළු මට කියනු කළු..

ආශාවේ මල්...//

පායන සඳ සේ රුසිරු හසරැලි
පායන සඳ සේ රුසිරු හසරැලි
දෙතොල වෙළු.. නයන කළු..
දෙතොල වෙළු.. නයන කළු..

සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කළු මට කියනු කළු..

ආශාවේ මල්...//


ගායනය - බණ්ඩාර අතාවුද
පද රචනය - ඩෝල්ටන් අල්විස්
සංගීතය - ගුණදාස කපුගේ

Comments