බිරිඳ මගේ ඔබ - නන්දා මාලිනී, ගුණදාස කපුගේ  | Birinda mage oba - Nanda Malini, Gunadasa Kapuge - sinhala lyrics



බිරිඳ මගේ ඔබ
නැ මා ඔබ‍ගේ බිරිඳ නොවේ
දෑගිලි හුයකින් බැඳි පමණින් මා ඔබගේ
බිරිඳ ‍නොවේ.. ඔබගේ බිරිඳ නොවේ

ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත
මා පෙම් කල අය මටද ලැබී නැත...//
මාව් පිය නෑ සිය ආසිරි ගී මැද
දෑගිලි පමණක් එකට බැඳී ඇත
දෑගිලි පමණක් එකට බැඳී ඇත

බිරිඳ මගේ ඔබ..//

සිරුරින් එකතැන හදවත් දෙතැනක
දෙදෙනෙකු වෙමු අපි එකම වහලයට..//
ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද..
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද..

බිරිඳ මගේ ඔබ..//


ගායනය - නන්දා මාලිනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - ගුණදාස කපුගේ

Comments