ආදරේ රන් බිඟුන් - මර්වින් පෙරේරා | Adare Ran Bigun - Mervin Perera - sinhala lyrics


ආදරේ රන් බිඟුන් නැසූ
බාඳුරා මල ඔබයි ලදේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ‍ඔබ තමයි ලදේ...//

ගලන ගඟුලක් ලෙසින් දුටු
ඔබයි මිරිඟුව මුවන් නැසූ...//
රසය ඇතිකර පණක් නැසූ
ඔබයි පැණි බිඳ විසක් මුසූ...

ආදරේ රන් බිඟුන්...//

රුදුරු ලෙස කැළඹිලා හැමූ
සුළඟ ඔබ වෙයි පහන් නිවූ...//
ලෙවන් කීවත් ලඳේ එසේ‍
සුපුන් සඳ ඔබ තමයි මගේ...

ආදරේ රන් බිඟුන්...//br />
ගායනය : මර්වින් පෙරේරා
පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
සංගීතය : පුණ්‍යසිරි මහවත්තbr />

Comments

  1. රසය ඇතිකර පනත් නැසූ නොව "රසය ඇතිකර පණක් නැසූ"
    ලෙවන් කීවත් ලදේ සෙනේ නොව "ලෙවන් කීවත් ලඳේ එසේ"

    ආදරේ රන් බිඟුන් නැසූ
    බාඳුරා මල ඔබයි ලඳේ
    ආදරේ රන් බිඟුන් නැසූ
    කපුරු මල ‍ඔබ තමයි ලඳේ

    ගලන ගඟුලක් ලෙසින් දුටූ
    ඔබයි මිරිඟුව මුවන් නැසූ//
    රසය ඇතිකර පණක් නැසූ
    ඔබයි පැණි බිඳ විසක් මුසූ

    ආදරේ රන් බිඟුන් නැසූ..

    රුදුරු ලෙස කැළඹිලා හැමූ
    සුළඟ ඔබ වෙයි පහන් නිවූ//
    ලෙවන් කීවත් ලඳේ එසේ
    ‍සුපුන් සඳ ඔබ තමයි මගේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. වෙනස් කළා.!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...