ඔබ හීනයක් වගේ - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් | Oba Heenayak Wage - Deepika Priyadarshani - sinhala lyrics


ඔබ හීනයක් වගේ...
හාදු වැස්සක් අරන්
සිරියහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමි...//

මල් මකරන්ද දෝතට අරන්
නෙතේ කදුලැලි දරන්
මම මඟ බලා සිටියා...
නෙතු ඝණදුරට තරුවක් වෙලා
ඔබ ‍එතැයි සිතා...
සිල් බිදලන්න නොහැකි නිසා
මම මග බලා සිටියා...

ඔබ හීනයක් වගේ...//

මේඝ දුක් හද රැදුනා
සඳ එළිය නිවුනා
අඳුර මැද තනිවී
පහන් දොරකට සවන් දොර හැරුනා
තරු ඇසත් පිපුණා...
සඳ ලබන්නී මා...
සරා සඳ ලඟ මා...


ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පද රචනය : උපුල් ශාන්ත සන්නස්ගල
සංගීතය : රෝහණ වීරසිංහ

Comments

  1. පද රචනය: උපුල් ශාන්ත සන්නස්ගල
    සංගීතය: රෝහණ වීරසිංහ

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...