කරදිය ගැඹරේ - එඩ්වඩ් ජයකොඩි | Karadiya gambare - Edward Jayakodi - sinhala lyrics


කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත්පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

අව්වට වැගිරෙන දාදිය වැස්සේ
කළුගල් තලලා මහමං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

දුම් රොටු අතරේ කම්මල් ඇතුළේ
දැ‍තිරෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

කරදිය ගැඹරේ...

ගායනය: එඩ්වඩ් ජයකොඩි
පද රචනය: ප්‍රේමකුමාර ජයවර්ධන
සංගීතය: රෝහණ වීරසිංහ

Comments

  1. ඇඩ්මින් සහෝදරයා පහත ලෙස ඔබගේ පෝස්ටුව වෙනස් කරන්න

    කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ
    නුඹගේ දෑතට දිරිය වඩන්නයි
    සුහුඹුල් අත්පා යදඬු කරන්නයි
    කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

    අව්වට වැගිරෙන දාදිය වැස්සේ
    කළුගල් තලලා මහමං තැනුවේ
    නිවහල් ලොවකට නුඹට වඩින්නයි
    කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

    දුම් රොටු අතරේ කම්මල් ඇතුළේ
    දැ‍තිරෝදෙට ගත ජීවය දුන්නේ
    නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
    කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...