හිත මිතුරු සුළඟ - වික්ටර් රත්නායක | Hitha Mithuru Sulanga - Victor Rathnayaka - sinhala lyrics


හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමින අන් දිනකට වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසගනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අඳුරු වෙයි සැනින්

වීදි පුරා වතුර පිරෙයි
හෙමින් හෙමින් මුමුණ මුමුණ
ඇවිද යමි කෙසේ...
තණ නිල්ලේ ගොහොරු
සැදෙයි කථා නැතිව අනන්තයට
ඉගිල යමි කෙසේ...

හිත මිතුරු සුළඟ...//

අප සමුගත් පසු වසින්න
ගං හෝ වැව් ඉපිල ඉපිල
ඉතිර යනතුරා...
හෝරා දෙක තුනක් ඉන්න
නෑවිත් වැහි වළාපලේ
කඩ ඉමෙන් මෙහා...

හිත මිතුරු සුළඟ...//

ගායනය, සංගීතය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න

Comments

  1. දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසගනක් වෙසින්
    වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අඳුරු වෙයි සැනින්

    ගේය පද සුනිල් ආරියරත්න මහතා.
    සත්සර රටාව වික්ටර් රත්නායක ශූරීන්ගේමයි

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...