හිමි නැති පෙමකට - මාලිනී බුලත්සිංහල | Himi nathi pemakata - Malini Bulathsinghala - sinhala lyrics


හිමිනැති පෙමකට ඉකිබිද හැඬුමට
සිත මගෙ බොළඳ වෙලා..
අන්සතු හදකට පෙම්කල වරදට
ලොව මට එරෙහි වෙලා...//

කියාගන්න මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනිවී
හමුවන්නට බැ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත යොමුවේ...

හිමි නැති පෙමකට...//

කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
සිතේ අත්තටු නැතිද මැවී
වරම් නොවේ මට ඔබ හමුවන්නට
ඈතින් ඉද හිනැ‍හෙනු මැනවී

හිමි නැති පෙමකට...//


ගායනය - මාලනී බුලත්සිංහල
සංගීතය - එච්. එම්. ජයවර්ධන
ගී පද - කැමිලස් පෙරේරා

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...