සිතුවිලි සිරවී - බණ්ඩාර අතාවුද | Sithuwili sira wee - Bandara Athauda - sinhala lyrics


සිතුවිලි සිරවී හදවත පතුලේ
ඉකිබිද වැල‍පෙනවා...
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා...

ඔබෙ සෙනෙහස දැක සැගවෙනු කෙලෙසද
නෑ මට තවමත් වැටහෙන්නේ...
සුසුම් නිම්නයේ සමුගන්නට නම්
මේ ලෙස ඇයි අප හමුවන්නේ...

සිතුවිලි සිරවී...//

මිලාන වූ මල් ඉකිබිද වැලපේ
විකසිත කුසුමන් හිනැහෙද්දී...
ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
ඔබේ මගේ ලොව කදුළු දකී...

සිතුවිලි සිරවී...//

ගායනය - බණ්ඩාර අතාවුද
පද රචනය - කුසුම් පීරිස්
සංගීතය - එච්. එම්. ජයවර්ධන



Comments

  1. සුසුම් නිම්නයේ සමුගන්නට නම් - වශයෙන් නිවැරදි විය යුතුය

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...