මා සඳට කැමති බව - නන්දා මාලිනී | Ma sandata kamathi bawa - Nanda Malini - sinhala lyrics


මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කලා නටුවෙන්

නොයිදුල් තොල්පෙති අතරෙන්
උදුරාගෙන සිනාව
හදවත නැති මිනිසා ඔබ ‍
නෙත කඳුළැලි ගෙනාව

මා සඳට කැමති බව...//

එක්ටැම් ගෙයි සිරගත කර
සමනළියක අනාත
ජීවිතයම ඔබ අරගෙන
ඇති දුන් වේදනාව

මා සඳට කැමති බව...//


ගායනය - නන්දා මාලිනී
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - සුනිල් ආරියරත්න


Comments