බුදු හාමුදුරුවො අපිත් දකින්නැති - වික්ටර් රත්නායක | Buduhamuduruwo apith dakinnathi - Victor Rathnayaka - sinhala lyrics


බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්ඇති ඒ කා‍ලේ
නිවන් දකින්නට පිං මදි වෙන්ඇති
එකයි තවමත් සංසාරේ...//

දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති
බුදුන් වදින්ට ඒ කාලේ
නිවන්දකින්නට පිං මදි වෙන්ඇති
ඒකයි තවමත් සංසාරේ

බුදුහාමුදුරුවො....//

අපිත් එක්ක සිටි අපේම යාළුවෝ
නිවන් දකින්ඇති ඒ කාලේ
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
පිං පුරවමු අපි සංසා‍රේ

බුදුහාමුදුරුවො...//

ගායනය - වික්ටර් රත්නායක
ගී පද - රඹුකන සිද්ධාර්ත හිමි
සංගීතය - වික්ටර් රත්නායක

Comments

  1. මේ සිංදුව පද රචනා කලේ
    රඹුක්කන සිද්ධාර්ථ හිමියන් විසින්..
    ප්‍රේමකීර්ති ද අල්විස් නෙමෙයි..
    හොයා බලා වරද නිවැරදි කරන්න

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. නිවැරදි කලා. ස්තූති වේවා!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...