හන්තානට පායන සඳ - අමරසිරි පීරිස් ‍| Hanthanata Payana Sada - Amarasiri Peiris - sinhala lyrics


හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න...
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න...//

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න...//
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න...

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න...//
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න...

හන්තානට පායන සඳ...//

ගායනය : අමරසිරි පීරිස්
සංගීතය : ඩැනිස්ටර් පෙරේරා
පද රචනය : ධම්මික බණ්ඩාර

Comments

  1. අලුපාට හැන්දෑව CD එකේ තියෙන ගීතයක් .. මුල් පද ටික / ගායනා කරන කෙනා දන්නේ නෑ.. ගීතයෙ අන්තිම කොටස විතරයි මතක..
    " …මම නැති දාක නුඹට මගෙ හිත ගැන තේරුම් යාවී "

    …පුලුවන් නම් ගීතය හොයල දෙන්න..

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...