ආදරයේ උල්පත වූ අම්මා - වික්ටර් රත්නායක | Aadaraye Ulpatha Woo Amma - Victor Rathnayaka - sinhala lyrics
මා ඔබගේ පුතු වූ...
ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැගිල්ලේ එල්ලී...
සඳ දිය කොට කිරිවතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන්
මතකයි මා නැලැවූවා...
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කල අම්මා...
ආදරයේ උල්පත වූ...//
තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ලබැදී
ගෙන දී දිවියට නව පන ලැබදී
මා දැඩි කල අම්මා...
ආදරයේ උල්පත වූ...//
ගායනය : වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක
මේ ගීතය රචනා වුණෙත් වික්ටර් ප්‍රේමකීර්ති සංසාරගත මිතුදමේ එකතුවෙන්.
ReplyDeleteගේය පද ප්‍රේමකීර්ති ද අල්විස් මහතා.
සත්සර රටාව වික්ටර් රත්නායක ශූරීන්ගේමයි.
සඳ දිය කොට කිරිවතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන්
මතකයි මා නැලැවූවා...