පෙරදා මැවූ සිනා
සැඟවී කොහේ ගියාදෝ
ඔබ ළඟින් උන්නු කාලේ
සුන්දරයි ජීවිතේ..
පෙරදා මැවූ සිනා...
මේ සීත පවනැල්ලේ
සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ
උණුසුම් හැඟුම් සිර වී
ඔබගේ සෙනේ මවෙතින් මීදී
ළතවේවි නම් මේ ජීවිතේ
නොපිපෙන්න හිරු ආයේ
කිසිදා මෙසේ...
පෙරදා මැවූ සිනා...//
මේ නීල තරු ගොල්ලේ
සඳ පාළුවෙන් සරන්නේ
රෑ කළුවරේ ගිලෙන්නේ
සිහිනේ දසුන් බොඳවී
ඔබගේ රුවින් ස්වරයෙන් මිදී
ගොළුවේවි නම් මේ ආදරේ
නොපිපෙන්න හිරු ආයේ
කිසිදා මෙසේ...
පෙරදා මැවූ සිනා...//
ගායනය : ශිහාන් මිහිරංග
ගී පද : නිලාර් එන්. කාසිම්
සංගීතය : මහේෂ් දෙනිපිටිය
වීඩියෝව ගත්තේ මෙතැනින් : SUPER MUSIC

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...