සිතින් අදිනවා - චන්දන ලියනආරච්චි | Sithin adinawa - Chandana Liyanarachchi - sinhala lyrics


සිතින් අදිනවා ආපසු යන්න නොදී
ඇස් දෙකෙන් අදිනවා වාගේ අහිංසකී
යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී
කෙටි පණිවිඩ ඇයි එව්වේ අළුත් වෙවී..//

දුරක් දුකක් අමුනාගෙන එක නූලේ
ගෙනා දුරක් ඇති ඒකයි දුක් වෙන්නේ...//
පෙමින් තෙත්ව හිත මොකටද අවුලන්නේ
හිතක් මවත් මට නුඹ විතරයි වාගේ

සිතින් අදිනවා...//

හදාගන්න හිත කිරිල්ලියක් අළුතින්
හොයාගන්න තුරු ඉන්නව අද රහසින්...//
තරු සිදුනත් නැහැ අහසට සද ඇවිදින්
මගෙ හිත ආයේ කොතැනද අළුත් ඉඩක්

සිතින් අදිනවා...//

ගායනය : චන්දන ලියනආරච්චි
පද රචනය : රොෂාන් ප්‍රනාන්දු
සංගීතය : විමල්ක මුහන්දිරම්



වීඩියෝව ගත්තේ මෙතැනින් : SUPER MUSIC



Comments