විජිතය ආදරයේ - ප්‍රින්ස් උදය ප්‍රියන්ත | Vijithaya adaraye - Prince Udaya Priyantha - sinhala lyrics


විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
මේ මුළු ජීවිතේ ඔබ තව දන්නෙ නෑ
මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා
ඔබ නැති මා ජීවිතයේ තනි වී

සඳ ගිලිලා තරු නිවිලා
මගෙ ලෝකේ මා කඳුලේ ගැලිලා
ඔබ සතුටේ ඇතැයි සිතා
කඳුල තුලින් හිනැහෙමි තවමත් මා

විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
මේ මුළු ජීවිතේ ඔබ දන්නෙ නෑ

දළු දාලා මල් පිපිලා
ඔබ ලෝකේ හිනැහේවා සැමදා
හදට ඔබේ දුක ආ දා
මම එතැනයි පමා නොවෙමි කිසිදා

විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
මේ මුළු ජීවිතේ ඔබ තව දන්නෙ නෑ
මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා
ඔබ නැති මා ජීවිතයේ තනි වී


ගායනය - ප්‍රින්ස් උදය ප්‍රියන්ත
සංගීතය, ගී පද - රූකාන්ත ගුණතිලක




වීඩියෝව ගත්තෙ මෙතනින් - Kanchana De Seram

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...