සහසක් පැතුමන් - මල්කාන්ති නන්දසිරි | Sahasak Pathuman - Malkanthi Nandasiri - sinhala lyrics


සහසක් පැතුමන් ඉපදී මියගොස්..
ඉතිරිව ගිය එක පැතුම දරාගෙන..
ඇහැල මහක අඬ සඳ පැයූ දා..
මතකද සිරි දළඳා වැන්දා...
මතකද සිරි දළඳා වැන්දා...

අතීතයක් වෙන්වන රේඛාවෙන්
අනාගතය හිස් කරවනු ලැබුවා..//
ඔබෙ අත අන් ලදකට හිමිකරදී
මතකද මා ඉකිබිඳ හැඬුවා..
මතකද මා ඉකිබිඳ හැඬුවා..

සහසක් පැතුමන්...

අහිමිව ගිය සම්පතට වඩා
හිමිවූ දුක මිහිරී සලකන්නම්...//
ඔබ වැනි කෙනෙකුට නෑනා වීමත්
පෙර පිනෙකැයි මා සැනසෙන්නම්..
පෙර පිනෙකැයි මා සැනසෙන්නම්..

සහසක් පැතුමන්...

ගායනය : මල්කාන්ති නන්දසිරි
පද රචනය : දයා ද අල්විස්
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි



වීඩියෝව ගත්තෙ මෙතනින් - දයාදර ගී - Daya de Alwis Lyrics



Comments