ඇසුවේද කවුරුන් හෝ - සුනිල් එදිරිසිංහ | Asuweda Kaurun Ho Nuben - Sunil Edirisinghe - sinhala lyrics


ඇසුවේද කවුරුන් හෝ නුඹෙන්
හැඬුවේ ඇයි ද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුලින් තුරන්වූ ප්‍රේමයක්..//

සතුටේ උපත කඳුලයි සදා
හද වේදනා දෝතින් ගෙනා..//
පවනේ සිසිල සුසුමයි සිතේ
පෙම් ප්‍රාර්ථනා විදදා ගෙනා..

ඇසුවේද කවුරුන් හෝ...

පිපි මල් මතින් පියමන් කලෝ
දිනුවේද කවදා ප්‍රේමයෙන්...//
විදි වේදනා සතුටින් දරා
පැරදී ගියේ කවුදෝ එයින්..

ඇසුවේද කවුරුන් හෝ...

ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රි
සංගීතය : රෝහණ වීරසිංහ


වීඩියෝව ගත්තෙ මෙතනින් - Rajitha Jayamini Withanachchi

Comments