පමා වූ අතීතේ - තීක්ෂණ අනුරාධ | Pamawu Athithe - Theekshana Anuradha


පමා වූ අතීතේ..
තාමත් හිත යට හඬන්නේ..
තනිවෙනා වෙලාවේ..
තනියට කඳුලයි තියෙන්නේ..//

මංගල පෝරුව සමීපේ..
ඔහු ඔබ අතගත් නිමේෂේ..
පවසන්නට බැරි සෙනේහේ..
තාමත් තනි හිත හඬන්නේ..

කුළුදුල් සිහිනය සිතාලා..
තරුවැල් ගැණ ගැණ පැතූවා..
රන් මුදුවක් සිත ඉරාලා..
තනිකර යන ඔබ බලාලා..
කොහොම ඉන්න ද ඉවසාලා..
කඳුලෙන් නෙතු තටු වැසීලා..
කඳුලෙන් නෙතු තටු වැසීලා..

පමා වූ අතීතේ..

කවදාවත් හිමි නොවේවි..
මේ දුකටත් නිම් නොවේවි..
බොල් හුලඟක් ඔබ සිඹිද්දී..
මා මිය ගිය බව කියාවී..
ඔබට දුක් ගිනි නොලබා දී..
මම සමුගන්නම් සිනාසී..
මම සමුගන්නම් සිනාසී..

පමා වූ අතීතේ..

ගායනය : තීක්ෂණ අනුරාධ
පද රචනය : කසුන් ප්‍රීමාල්
සංගීතය : සඳරුවන් ජයසිංහ



වීඩියෝව ගත්තෙ මෙතනින් - Lak Channel

Comments

  1. කාලයක් අරන්….

    කාලයක් අරන් වචනය දෙනවානම්
    තව කල්පයක් උනත් ඔබ වෙනුවෙන් ඉන්නම්
    මුළු ලෝකයක් තරම් ආ‍දරේ දැනේනවානම්
    ඔබ ළගින් ඉදන් ගියක් මුමුනන්නම්
    ආදරේයි ආදරේයි ආදරේයි ඔබ තවම දන්නේ නෑ
    ජිවිතේ මේ තරම් ආදරේ කිසි දිනක දැනිලා නෑ

    නිතරම ඔබ ගැන සිත විමසන ‍වි‍ට
    ආදර සිතුවිලි උපදි මා හට
    නොක්කාඩු ලෙස මා දෙස බැලු විට
    දහස් වාරයක් සුසුම් නැගේ හද
    මල්සරා සැගවිලා දෝ
    පෙම් හැගුම් දුන් ලදේ
    ඔබ නමින් ගයමි මා.... මා ලියු ආදරේ

    කදු යායක් ළග පැලක් හදාගෙන
    ක‍ටට රහ‍ට පොඩි බතක් උයාගෙන
    ඔබ හා දුක සැප එකට බෙදාගෙන
    ඉන්නට පැතුවෙමි දිවිය තුරාවට
    මා සිතුම් වැට හෙනම් සිත රිදුම් දෙන්නේ නෑ
    මා සිතුම් ඉටු වෙනම් තනිකමක් දැනෙන් නෑ

    කාලයක් අරන් වචනය දෙනවානම්
    තව කල්පයක් උනත් ඔබ වෙනුවෙන් ඉන්නම්
    මුළු ලෝකයක් තරම් ආ‍දරේ දැනේනවානම්
    ඔබ ළගින් ඉදන් ගියක් මුමුනන්නම්
    ආදරේයි ආදරේයි ආදරේයි ඔබ තවම දන්නේ නෑ
    ජිවිතේ මේ තරම් ආදරේ කිසි දිනක දැනිලා නෑ

    ReplyDelete
  2. mehema sindu liyanawanam, awilla therumath kiyala deepalla, mugen harima wadayak thiyenne 0776676226

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...