හිමාලෙට වඩා උසයි - ජූඩ් රෝගන්ස් | Himaleta Wada Usai - Jude Rogans - sinhala lyrics


හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ..
කසාය පරාදයි වරදෙදි සැර ඔබේ..
ඇහැ ගහගෙන සිටී සමාජෙ ගැන කියයි..
හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ..

ආදර මගෙ තාත්තේ...////

දරදඬු හිත මගේ - අයාලෙ ගිය දිනේ..
කඳුලැල් මොනතරම් - පිරුනද ඔය නෙතේ..
ඒ ඔවදන් මා සුමඟට - ගෙන මිස නෑ හැර ගියේ..
අද මා සිටිනා තැන දැක - සතුටින් අවවාද දේ..
හොද මිනිහෙක් වෙයන් - නිතරම මට කියූ..
මතු සසරෙත් පතන්නෙ - ඔබමයි තාත්තේ..

හිමාලෙට වඩා උසයි...

කරදර ආ මගේ - නොබියව ලඟ හිදී..
දියුණුව දැක මගේ - ආශිර්වාද දේ..
නොදකින දෙවියන් වැන්දද - ඔබමයි දෙවියන් වුනේ..
උපදින හැම භවයකදිම - වෙන්නද මම පුතු ඔබේ..
හොද මිනිහෙක් වෙයන් - නිතරම මට කියූ..
මතු සසරෙත් පතන්නෙ - ඔබමයි තාත්තේ..

හිමාලෙට වඩා උසයි...

ගායනය : ජූඩ් රෝගන්ස්
පද රචනය : ඩිලාන් ගමගේ
සංගීතය : අශාන් ප්‍රනාන්දු


වීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru TV

Comments

  1. http://slpuss.blogspot.com/himaleta2
    ගිහින් බලන්න හැකිනම් record කර hlrathnayaka@gmail.com එකට එවන්න.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...