දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ
මාත් එක්ක මේ පාරෙන් ආයේ එන්නෙ නෑ
මින් පස්සෙ මං විතරයි ඈ එන්නේ නෑ //
පුංචි දැරියක් වාගේ මා සුරතේ දැවටීලා
ඒ කාලේ ඈ ආවා ඔබත් දන්නවා
ඒ කාලේ ඈ ආවා ඔබත් දන්නවා
දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ
මාත් එක්ක මේ පාරෙන් ආයේ එන්නෙ නෑ
මින් පස්සෙ මං විතරයි ඈ එන්නේ නෑ
මියුරු සරින් ඇය මා හා තෙපලූ ඒ ප්‍රාර්ථනා
සුළගේ පාවී ගිය දා මා තනි වූවා
සුළගේ පාවී ගිය දා මා තනි වූවා
දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ
මාත් එක්ක මේ පාරෙන් ආයේ එන්නෙ නෑ
මින් පස්සෙ මං විතරයි ඈ එන්නේ නෑ //
ගායනය - විජය කුමාරතුංග
සංගීතය - නිමල් ගුණසේකර
ගී පද - ආනන්ද පද්මසිරි
වීඩියෝව ගත්තෙ මෙතනින් - Kanchana De Seram

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...