හිරු මිලින වී සඳු මිලින වී
ඔබ මා තනිකර වෙන් වූ දිනේ
දිවිමග තනි ඔබ නිසල ඇයි
එක්වන්න ළං වී යළි පා සෙනේ
පාසල නිමා වී අප ආ මගේ
තණ පියස වියලී මැලවී තියේ
ඒ මාවතේ අතු ඉති වැඩී
අද ඇහිරිලා නෑ පෙර ලෙසින්
නිමවන්න නම් මේ ලෙසින්
කිම වරද වූ මා අතින්
හිරු මිලින වී සඳු මිලින වී
ඔබ මා තනිකර වෙන් වූ දිනේ
දිවිමග තනි ඔබ නිසල ඇයි
එක්වන්න ළං වී යළි පා සෙනේ
ඔබ මට මිමිනූ වදන් පෙම් වැකි
මේ පාළු යාමේ සෙමින් යයි මැකී
ඒ වේදනා හද පාරනා
පිරිසිදු වුවත් මගෙ චේතනා
රිදවන්නෙ ඇයි මේ ලෙසින්
කිම වරද වූ මා අතින්
හිරු මිලින වී සඳු මිලින වී
ඔබ මා තනිකර වෙන් වූ දිනේ
දිවිමග තනි ඔබ නිසල ඇයි
එක්වන්න ළං වී යළි පා සෙනේ
ගායනය, සංගීතය, ගී පද - රෝයි පීරිස්
වීඩියෝව ගත්තෙ මෙතනින් - Kanchana De Seram

ReplyDeleteමේ තියෙන්නේ අපේ අලුත්ම සිංහල Syndiya ඔයාගේ බ්ලොග් / වෙබ් සයිට් එකත් අදම එකතු කරන්න.
"නැලවී තියේ" නෙවේ "මැළවී තියේ"
ReplyDeleteමරු!
Delete