හිනැහෙන්න මට ඉගැන්වූ
සැනසෙන්නට මග පෙන් වූ
කටු කොහොලින් පිරි මෙලොවේ //
හිනැහෙන්න මට ඉගැන්වූ
සිතුවිල ගිර මිදීලා
යා නොදී වියරු වීලා //
සහනයේ කැදලි හැදුවේ
හිනැහෙන්න මට ඉගැන්වූ
හද පියුම මගෙ නෙළාලා
ඔබෙ දෙපා ළඟ පුදාලා //
හිස් දෑතිනි අද ඉන්නෙ
හිනැහෙන්න මට ඉගැන්වූ
පිදු පියුම පර නොවේවා
මතු මතු ද පුබුදු වේවා //
මා එපමණයි පතන්නේ
හිනැහෙන්න මට ඉගැන්වූ
සැනසෙන්නට මග පෙන් වූ
කටු කොහොලින් පිරි මෙලොවේ //
හිනැහෙන්න මට ඉගැන්වූ
ගායනය - මිල්ටන් පෙරේරා
වීඩියෝව ගත්තෙ මෙතනින් - Canale di MrSamalka
මචන්,"සිතුවිළි ගිරවු මිදීල" වෙන්න ඕන නේද?
ReplyDeleteඔව්..මාත් හිතනවා
Deleteඅර්ථවත් ගීතයක්
ReplyDeleteගීතයේ පද රචනය සහ සංගීතය ගැන දැන ගන්න කැමතියි.. ගොඩක් රසවත් ගීතයක්
ReplyDeleteමම හිතන්නෙ මේ ගීතයෙන් කියවෙන්නෙ අම්මා ගැන
Delete