පුන්පෝදා සඳ - මාලනී බුලත්සිංහල | Pun Poda Sanda - Malani Bulathsinhala - sinhala lyrics


පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරු මල්
එයට නෙලා පිළිගන්වන්නම් //

දේදුන්නක් ඔබ මට ගෙන ආවොත්
විසිතුරු සළුවක් වියමි එයින්
පරසතු උයනේ සක්මන් කරනට
ඉන් සැරසී ඔබ හා එන්නම්

පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරු මල්
එයට නෙලා පිළිගන්වන්නම්

බිඟුතුඩු නොවැදුනු පියුම ගෙනාවොත්
මානස විල මත පිපුනු සැනින්
නැවුම් පෙමට කිම වෙහෙසෙනු පෙම්වත
යලි උපදිමි ඒ පියුමින් මං

පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරු මල්
එයට නෙලා පිළිගන්වන්නම්

ගායනය - මාලනී බුලත්සිංහල
සංගීතය - එච්.එම්. ජයවර්ධන
ගී පද - ලූෂන් බුලත්සිංහල

වීඩියෝව ගත්තෙ මෙතනින් - Nadee Nisansala

Comments

  1. 1# දේදුන්නක් ඔබ මටගෙන ආවොත් විසිතුරු සළුවක් වියමි එයින්
    2# නැවුම් පෙමට කිම වෙහෙසෙනු පෙම්වත

    ලෙස නිවැරදි වියයුතුය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. හැදුවා!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...