අඹ ගස් යට මල් හැලිලා - වික්ටර් රත්නායක, නිර්මලා රණතුංග | Amba Gas Yata Mal Halila - Victor Rathnayake, Nirmala Ranathunga - sinhala lyrics
අඹ ගස් යට මල් හැලිලා..
සුවඳේ බැරුවා ඉඳින්ට..ඒ අඹ මල් සුවඳ දිගේ..
වන බමරෝ රොනට එන්න..//
මගේ බඹරිය පැලේ දමා..
එන්නට බෑ අඹ වනයට..
මුසා බසින් මා නොතලා..
එන්න සුවඳ මල් හෙවනට..
අඹ ගස් යට...
බඹරු නැද්ද අඹ වනයේ..
ඔබේ සිතට ගතට ඔබින..
අන් බඹරුන් ඕනෑ නැ..
ඔබයි මගේ පැතුම් විමන..
අඹ ගස් යට...
ගායනය : වික්ටර් රත්නායක, නිර්මලා රණතුංග
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : වික්ටර් රත්නායක
වීඩියෝව ගත්තෙ මෙතනින් - Rajitha Jayamini Withanachchi
kiyanna wachan na..pattama patta.. song ekek..victor sir..obata thawa thawa kalayak jeewath wenna hama shakthiyakma labewa
ReplyDelete