පොකුරු පොකුරු මල් සැණකෙලි - ලතා වල්පොල | Pokuru Pokuru Mal Sanakeli - Latha Walpola - sinhala lyrics
ගුම් ගුම් ගුම් නඟනා මල් බඹරෝ
මල් පැණි වාරේ ආවාදෝ..
පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි..
නුහුරු හැඟුම් මා වටකර
රඟන ලතාවයි..
පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි..
බිංදු බිංදු පිණි මුතු වැල් මඟ සරසනවා..
මට නොකියම හෙමි හෙමිහිට පිය එසවෙනවා..
කුරුල්ලනේ රෑන් රෑන් කොහේ යන්නදෝ..
අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ..
අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ..
පොකුරු පොකුරු...
මට මතකයි මට මතකයි පුංචි කාලේ මං..
රෑ හීනෙන් දේදුන්නේ නැගී ගියා මං..
ඒ පෙනිච්ච මිහිරි සිහින දැන් සැබෑවුනා..
රිදී කාසි හැලෙන හඬින් සිත සිනාසුනා..
පොකුරු පොකුරු...
මිටියාවත සුදු මිහිදුම් හිම සිහිල් සුවේ..
පාවි පාවි මං යනවා සිත සැහැල්ලුවේ..
කවුරුන් හෝ මට කියන්න කනට කොඳුරලා..
ආදරේද මේ දැනෙන්නෙ සුවඳ ගල ගලා..
ආදරේද මේ දැනෙන්නෙ සුවඳ ගල ගලා..
පොකුරු පොකුරු...
ගායනය : ලතා වල්පොල
පද රචනය : අජන්තා රණසිංහ
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
වීඩියෝව ගත්තෙ මෙතනින් - lakesh gunasekara
Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...