තුන් මංසල ළඟ බලා සිටින්නෙමි - තිලකසිරි රත්නායක | Thun mansala langa bala sitinnemi - Thilakasiri Rathnayaka - sinhala lyrics


තුන් මංසල ළඟ බලා සිටින්නෙමි
ඔබ එනතුරු ළඳුනේ
අට හෝරාවේ සේවය නිම කර
ඔබ එනතුරු ළඳුනේ

සීතල සිරි පොද වරුසා වැහැලා
ඇය එන මාවත හිම මල් පිපිලා
සිහිනිඟ සරසා ඔසරිය දවටා
ඇයදෝ ඈතින් පියමැන්නේ

තුන් මංසල ළඟ බලා සිටින්නෙමි
ඔබ එනතුරු ළඳුනේ
අට හෝරාවේ සේවය නිම කර
ඔබ එනතුරු ළඳුනේ

රන් බඳ නලවා අසලට ඒදෝ
නෙත් කොනකින්වත් මදෙස බලාදෝ
කඩිසර ගමනින් නොදුටුව විලසින්
ඉවත බලාගෙන ඔබ යාදෝ

තුන් මංසල ළඟ බලා සිටින්නෙමි
ඔබ එනතුරු ළඳුනේ
අට හෝරාවේ සේවය නිම කර
ඔබ එනතුරු ළඳුනේ


ගායනය - තිලකසිරි රත්නායක
සංගීතය - රෝහණ වීරසිංහ / සරත් දසනායක
ගී පද - උපාලි ධනවලවිතාන




වීඩියෝව ගත්තෙ මෙතනින් - Kanchana De Seram

Comments