මේ ඉර හඳ යට හමු වී - එඩ්වඩ් ජයකොඩි | Me ira handa yata hamu wee - Edward Jayakodi - sinhala lyrics


මේ ඉර හඳ යට හමු වී
ආදරයෙන්
කථා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතක වත් නෑ
මේ ඉර හඳ යට හමු වී

අද නුඹ කොතනද අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මග සටන් වැදී ඇත
නාඳුනනා පෙම්වතුන් වෙලා

මේ ඉර හඳ යට හමු වී

දැන හඳුනාගත් කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙළන්නට
හෙටටත් කඳුලක් ඉතිරිවෙලා

මේ ඉර හඳ යට හමු වී
ආදරයෙන්
කථා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතක වත් නෑ
මේ ඉර හඳ යට හමු වී


ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - එච්. ආර්. චූලසිංහ
ගී පද - රඹුකන සිද්ධාර්ත හිමි




වීඩියෝව ගත්තෙ මෙතනින් - manel08uk

Comments