කෝ කුක්කෝ - සිරිතිලක, තිරිමාදුර, පීරිස්, චන්ද්‍රසිරි, කොතලාවල, රණසිංහ, වික්‍රමගේ, සිරිමාන්න | ko kukko drama song - sinhala lyrics


කේතුමතියෙ අපිත් ඉන්නේ
කරපු හැම පින් එකට පල දීලා
රජුන් වැන්නේ තෙදින් ඉන්නේ
ශෝක පීඩා සිතේ නැති වීලා

සුපිරි රථයේ යන්නෙ එන්නේ
මගෙ මැදුරේ ඇසෙයි ගීත මේලා
තුටින් කන්නෙ තුටින් බොන්නේ
අම්මා දරුවො කියා එක් වීලා

මග තොට නැත පුලනෝ
යතිවරයෝ දොරින් දොර පාසා
පුරවරයේ සඳළුතල මත්තේ
සුර අඟනො නටයි මත් වීලා

එනු මිතුරේ මේ වාගේ
අපි ඉඳිමු තුටින් මත් වීලා
නෑ ශෝකේ එන වාරේ
අපි වෙනුවෙන් ලොවක් ඇත මැවිලා
සැපය ලබලා මැරෙමු ජීවය විඳලා

රටින් එන්නේ කන්නෙ බොන්නේ
උන් යන්නෙ ඩොලර් වැහි හෙලලා
සිතිජ රේඛා පෙනෙන් නැත්තේ
නැව් පෝල්ම් තිබේ සැපය පුරවා

රජුන් ඉන්නේ තෙරුන් වැන්නේ
සශ්‍රීකයි දුගී පවුරු බිඳලා
කවුද එන්නේ මෙන්න ගන්නේ
රස්සාවල් තිබේ ගොඩගැහිලා

දොරකඩ අධිවේගේ
ඉහටත් උඩින් යයි යානා
සියොතුන් වැටෙයි හිටි හැටියේ
පාවෙන ඩොලර් ඇඟ වැදිලා

I want to die for my loving people
I want to die for my mother land
This historical mother lank
I will take a bullet for you
my brothers and sisters
no doubt no doubt
I'm the one for you
I will protect you all
Die for you

නිල මැස්සෝ මලේ රොන් ගන්නේ
ගිරි මුදුනේ නෙළුම් මල් පීරා
ඉබ්බන් පියාඹති අඹරේ
පිල් විදහා නටයි කළු කපුටා

මාළුන් දුවයි ගොඩබිමේ
මැදියම් රැයේ ඉර දැකලා
ඌරන් නායි බැස ගඟුලේ
පෙර වැද්දන් දෙසූ දහම අසලා
සබන් ගාල ඇඟම උලලා



ගායනය - මිහිර සිරිතිලක, කුමාර තිරිමාදුර, චින්තක පීරිස්, සරත් චන්ද්‍රසිරි, සරත් කොතලාවල, ජනක රණසිංහ, සංඛේත් වික්‍රමගේ, චාමික සිරිමාන්න
සංගීතය - චාමික සිරිමාන්න
ගී පද - මිහිර සිරිතිලක



වීඩියෝව ගත්තෙ මෙතනින් - Chamika Sirimanna

Comments

  1. ගී පැදුරේ තැන්කු වේවා ...මම මේක ලඟදි දවසක් රුප පෙට්ටියේ දැක්කා .නැවත අහන්න ඕන උනත් බැරි උනා .නැවතත් ස්තුතියි ඔබට.ඔබ කරන මෙහෙය අතිවිශිස්ටයි .නිතරම ගී පැදුරට ගොඩ වෙනවා .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ අදහසට....දිගටම ගොඩවැදෙන්න.,!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...