සුදු සේල අගින් - විල්බට් ඇන්තනි | Sudu sela agin wesu neela nuwan - Wilbert Anthony - sinhala lyrics
සුදු සේල අගින් වැසු නීල නුවන්
විහිදා මා දෙස බලනු ඉතින්
ඔබ මට හිමි වන දවස ඇවිත් //
සුදු සේල අගින් වැසු නීල නුවන්
හෙලු සුසුම් සොවින් තෙමු කඳුළු ලවන්
සේල අගින් ගෙන පිසනු සෙමින් //
ඔබ මා එක්වී සදා පෙමින්
සුදු සේල අගින් වැසු නීල නුවන්
විහිදා මා දෙස බලනු ඉතින්
ඔබ මට හිමි වන දවස ඇවිත්
සුදු සේල අගින් වැසු නීල නුවන්
සිත වෙලා දුකින් ලොව කියූ වදන්
යලි අප රිදවනු නොහැක ඉතින් //
මතු යලි කඳුලැලි නොමැත නෙතින්
සුදු සේල අගින් වැසු නීල නුවන්
විහිදා මා දෙස බලනු ඉතින්
ඔබ මට හිමි වන දවස ඇවිත් //
සුදු සේල අගින් වැසු නීල නුවන්
ගායනය - විල්බට් ඇන්තනි
සංගීතය - ඩයමන්ඩ් පෙරේරා
ගී පද - සිසිර කොතලාවල
වීඩියෝව ගත්තෙ මෙතනින් - SS Entertainment

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...