පාවෙන වළා අතර - චරිතා ප්‍රියදර්ශනී පීරිස් | Pawena wala athara - Charitha Priyadarshani Peiris - sinhala lyrics


පාවෙන වළා අතර
ඔබ සැඟවී ඔබ හිනැහී
සෙනෙහස කිමැයි කියා
ඔබ දවසක් තරුවක ලිව්වා
මම වරුවක් ඒ ගැන ඇහුවා
ඔබ සිනාසුනා පමණයි
ඔබ සිනාසුනා පමණයි

රමණීයයි මේ මධුර ජවනිකා
වනපෙත එකලු කරයි
කුරුළු ගීතිකා //
ඇල දොළ ගලා බසීවී
වනමල් රේණු නෙළාලා

පාවෙන වළා අතර
ඔබ සැඟවී ඔබ හිනැහී
සෙනෙහස කිමැයි කියා
ඔබ දවසක් තරුවක ලිව්වා
මම වරුවක් ඒ ගැන ඇහුවා
ඔබ සිනාසුනා පමණයි
ඔබ සිනාසුනා පමණයි

ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම්
ලාහිරු ගලන පැයේ
මා හිනැහෙන්නම් //
ජීවන මිහිර කියාදුන්
ඔබෙ ළය පහන් කරන්නම්

පාවෙන වළා අතර
ඔබ සැඟවී ඔබ හිනැහී
සෙනෙහස කිමැයි කියා
ඔබ දවසක් තරුවක ලිව්වා
මම වරුවක් ඒ ගැන ඇහුවා
ඔබ සිනාසුනා පමණයි
ඔබ සිනාසුනා පමණයි


ගායනය - චරිතා ප්‍රියදර්ශනී පීරිස්
සංගීතය - එඩ්වඩ් ජයකොඩි
ගී පද - රඹුකන සිද්ධාර්ථ හිමි




වීඩියෝව ගත්තෙ මෙතනින් - Evoke Music

Comments