ගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළා
කෝලම්කාර මාගේ පාළු මක මකා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
අම්මා
පාඩම් පොත ජීවිතේට අලවලා කියවලා
ලාඩම් බරබාග ලෝකේ නැති කළා
පාඩම් පොත ජීවිතේට අලවලා කියවලා
ලාඩම් බරබාග ලෝකේ නැති කළා
බෝසත්කම තවරලා ලාලිත්‍යය මතු කළා
බෝසත්කම තවරලා ලාලිත්‍යය මතු කළා
කාටත් වැඩි ආදරේක ගිල්වලා
ගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළා
කෝලම්කාර මාගේ පාළු මක මකා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
කේලම් මලු තාත්තාට විය වියා පුරවලා
ගානෙන් මගෙ ආත්මේම හැඩ කළා
කේලම් මලු තාත්තාට විය වියා පුරවලා
ගානෙන් මගෙ ආත්මේම හැඩ කළා
තාමත් අත අල්ලලා පාරෙත් සුරතල් වෙලා
තාමත් අත අල්ලලා පාරෙත් සුරතල් වෙලා
ඈටත් මුළු ජීවිතේම මං වෙලා
ගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළා
කෝලම්කාර මාගේ පාළු මක මකා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
අම්මා
ගායනය - සංගීත් විජේසූරිය
තනුව - රවීන් රම්ජි
පද - නුවන් කුමාර කටුගම්පල
වීඩියෝව ගත්තෙ මෙතනින් - WAYO

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...