ආදරේ පුද දෙන්න ඇයිදැයි පමා
වේදනා විඳගන්න ඇයිදැයි පමා
මා වෙතේ ළං වන්න නෑ දැන් පමා
මා ඔබේ අත ගන්න නෑ දැන් පමා
පෙරදාක සතුටේ වෙලී
තව දාක කඳුලේ ගැලී
ඒ සේ සුසුම් වැල් බිඳී
තරු රෑනපායා දිලී
මා දෑස ඔය දෑස හමුවේ තියා
විමසන්නේ ඔබගෙන් ළඳේ
ආදරේ පුද දෙන්න ඇයිදැයි පමා
මේ ජීවිතේ මා වෙතේ
කළඹන්නෙ ඔබමයි සිතේ
අනුනාද වී මා හදේ
දැතපෙන්න මාගේ ළයේ
හමුවීල තෙපලන්න මේ යාමයේ
සැනසෙන්න ඒ යාමයේ
ආදරේ පුද දෙන්න ඇයිදැයි පමා
වේදනා විඳගන්න ඇයිදැයි පමා
මා වෙතේ ළං වන්න නෑ දැන් පමා
මා ඔබේ අත ගන්න නෑ දැන් පමා
මා ඔබේ අත ගන්න නෑ දැන් පමා //
ගායනය - ජාලිය රණතුංග
තනුව - රූකාන්ත ගුණතිලක
පද - රූකාන්ත ගුණතිලක
වීඩියෝව ගත්තෙ මෙතනින් - One Sri Lanka

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...