සක්දෙවි වැනුම - වායෝ, රවි ජේ | Suck devi vanuma - Wayo, Ravi Jay - sinhala lyrics


පවට බර ලොව දැකලා
පඩුපුලට සංකා
නොමැත සක් දෙයියා
අහෝ අද කවුරු අඳිනුද හාවා
රුදුරු දන බෝමා
නොමැත සක් දෙයියා
අහෝ අද ඉඳින් සඳෙහිම හාවා

බොහෝ සතුන් ඇත බෝ සතුන් නැත
පිරිහිලා ලොව පිරිහීලා
වන විහඟ ලොව රජ පදවි ලැබ
ඉගිලෙනා බකමූණූ රජා
සක් දෙවිඳු නැත
සිත්තමට ගෙන අඳිනු බෑ අද සඳ සාවා
දුනු දිය අදින රුදුරු නර කැළ
වඩිනු එපා අද වඩිනු එපා

තහනමේම මල් ගෙන
ආවා හඳ වෙත
සකි ඇන්ද හාවා හමුවෙන්න
හඳ පෙන්නලා කල
හාවා දුප්පත් මිනිසා
පොලොවෙ සක්විති
ඒකටයි දුක
අවංක වෙල පැන්න ගිනිමතට
දන්නෙ දැවෙනකොට
වෙලානෙ අපි හාවෝ
මේ හුස්මෙ බදු ගෙවන
වැඳගෙන එන්නෙ බෝසතුන් නෙමෙ
පෝසතුන් වෙන්න
බොහො සත්තු බෝසත් වෙස් ගෙන
එදා සිට රත්කල එක තමා කලේ පුටු
ඔක්කොම සක්විතිවරැ හම්බකරං මාරැ
අපි අසරනයි රටේ
කාලෙන් කාලෙට පඬුපුලෙ
සක්විතිවරැ පොර කතේ
එදා වගෙ අද ගින්නට පැන්නොත්
ඉන්නෙ මරැ කටේ
ඉන්න බෑ පොලොවේ
ඒකයි ආවේ මං හඳේ
මලක් අරගෙන එහෙනං
ඉමු හාවො පොලොව බලං

තෙලි තුඩද බිම හෙලුවා
නුඹේ රුව ඇඳලා
ගියා සක් දෙයියා
අහෝ අද
අඳින්නට ඒ වාගේ
කෙනෙක් නැත ලෝකේ
ඉදින් හැම කාලේ සඳේ මැද
සිනා සී මේ වාගේ

බොහෝ සතුන් ඇත බෝ සතුන් නැත
පිරිහිලා ලොව පිරිහීලා
වන විහඟ ලොව රජ පදවි ලැබ
ඉගිලෙනා බකමූණූ රජා
සක් දෙවිඳු නැත
සිත්තමට ගෙන අඳිනු බෑ අද සඳ සාවා
දුනු දිය අදින රුදුරු නර කැළ
වඩිනු එපා අද වඩිනු එපා

ඇත පෑනක් ඇත්ත ලියන්න බැරුව
වැදි බණ වේදිකාවෙ පංසලෙ නොව
කටු මැටි ගේ දුක දෝංකාරය
ඇහුන් නෑ කලු වීදුරු ඇතුලට
දුප්පතාගෙ කුස ඇයි පස්සට
සක්විතිතුමාගෙ කුස ඇයි පෙරට
තේරෙන දින රටෙ ඔලු වලට
අප මියැදුනු තැන ගස් නැත පුත


ගායනය - වායෝ, රවි ජේ
සංගීතය - චරිත අතලගේ
ගී පද - චන්ද්‍රසේන තලංගම, රවි ජේ





වීඩියෝව ගත්තෙ මෙතනින් - WAYO

Comments