නිලුපුල් යුවළේ රතු තොල් සඟළේ
තැවරූ සෙනේ මුසු වී ඇදී
මා සිරුරේ වෙළේ
මා සිරුරේ වෙළේ
ගලන ගඟේ මඟ අහුරා
වැට කොටු බඳිනු නොහේ
සුළඟ වැදී මෙර නොසැලේ
නොහඬයි මලවි කුලේ
පෙම් සුවඳ කිසි දා මැකී නොයේ
පාවී යාවී සුසුම්
නිලුපුල් යුවළේ රතු තොල් සඟළේ
තැවරූ සෙනේ මුසු වී ඇදී
මා සිරුරේ වෙළේ
මා සිරුරේ වෙළේ
දවස පුරා ගුවනෙ සරා
බැසයයි ඇදිලි කරා
සියැස පුරා නිදි නොලබා
ඔබ ළඟ රැඳෙමි ළඳේ
පෙම් සුවඳ කිසි දා මැකී නොයේ
පාවී යාවී සුසුම්
නිලුපුල් යුවළේ රතු තොල් සඟළේ
තැවරූ සෙනේ මුසු වී ඇදී
මා සිරුරේ වෙළේ
මා සිරුරේ වෙළේ
මා සිරුරේ වෙළේ ///
ගායනය - මර්වින් පෙරේරා
සංගීතය - මර්වින් පෙරේරා
ගී පද - කේ.ඩී.කේ.ධර්මවර්ධන
වීඩියෝව ගත්තෙ මෙතනින් - Hopalu Wanapetha - KDK Dharmawardhana Lyrics

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...