නිරුවත - අර්ජුමාන් | Be naked - Niruwatha - ARJUMANN


මා හා කතා කරනවානං
උඹ ඇඳුම් ගලවන් වරෙන් මුලින්
උඹ මහ සෝබන ඇඳුම් ඇඳගෙන නම්
මට ලැජ්ජයි මමත් ඇඳින්නං ඇඳුම්

මං ආස නුඹේ නිරුවතටනේ
ඇඳුම් ගලවලා හිනැහෙමු ඔහේ
ඔය ඇඳුමට උඹ හරිම කැතයි

උඹෙ හම කළුද සුදුද කියා
මම ඇහුවෙත් නැහැ ඕනෙත් නැහැ
ඒ පාටක් නැති නිරුවත හොයා
අපි ඔක්කොම ඉතින් ඇඳුම් ගලවමු

අපි මහගත්ත ඒ ඇඳුමටම දැන්
අපෙ ලස්සන ඔහේ මැකිලම ගිහින්
ඔය ඇඳුමට උඹ හරිම කැතයි

උඹ මට ආදරෙයි කියනවානම්
මගෙ ඇඳුම් ගලවල බලන් මුලින්
අපි දෙන්නම නිරුවත් වුණොත්
ඒ ශෘංගාර රෑ ආදරේ කරන්

ඒ ආදරේ මහා ගැඹුරුයි එහේ
කිසි ඇඳුමක් නැති නිරුවත් ලොවේ
ඒ ඇඳුමට අපි හරිම කැතයි
මේ ඇඳුමට අපි හරිම කැතයි


ගායනය, සංගීතය, ගී පද - ARJUMANN (අර්ජුමාන්)






මෙතනින් - ARJUMANN

Comments

  1. ඔබ කියන මේ ගැඹුර තේරැම් ගන්න හැකි දාට අපි දිනුම්! සුපිරි! හඬත් හරිම ලස්සනයි

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...