අරුන්දතී වූවාදෝ සරසා දිවි ගමනේ
මුදු පවනේ තණ පලසේ වැතිරෙමි ඔබ තුරුලේ
සසර පුරා ආවාදෝ දැවටී හසරැල්ලේ
කදුළ නිවා මිහිර ගෙනා මසිත පුරා රැඟූ
කොඳ කැකුලේ මගේ සිහිනේ මල් පිපිනා දිනේ
නෙත රැදුනේ රූ වරුණේ සනසා සිත මාගේ
මහද විලේ පිපුණාදෝ මල් කැකුළී මාගේ
නෙතු කැල්මේ රත ලවනේ මිහිර සදා රැඳේ
මලවි කුලේ කුමරියනේ මල්සර වෙමි ඔබගේ
මියෙන තුරා අතැර නොයා රැඳිලා මගෙ සෙවණේ
බැඳෙනු මැනේ පැතුව ලෙසේ මගේ රන් සමනළියේ
මියෙන තුරා අතැර නොයා රැඳිලා මගෙ සෙවණේ
බැඳෙනු මැනේ පැතුව ලෙසේ මගෙ රන් සමනළියේ
මගෙ රන් සමනළියේ
මගෙ රන් සමනළියේ
ගායනය - කීර්ති පැස්කුවල්
සංගීතය - මහේන්ද්රපැස්කුවල්
ගී පද - සුරම්‍යා මාපිටිය
වීඩියෝව ගත්තෙ මෙතනින් - HelaNada

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...