මා දෑසේ වේදනා - රෝයි පිරිස් | Ma dase wedana - Roy Peiris


මා දෑසේ වේදනා
ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වෛර චේතනා //

පෙරදා ඔබෙන් මෙමා
ලැබූ නුහුරු කල්පනා
සාගරය සේ එදා
ආදරය ගොනු කලා //
ඒ සිහින මව මවා
මා දෑස තෙත් කලා

මා දෑසේ වේදනා
ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වෛර චේතනා

මා ගයන ගීතයේ
රාවෙ ගුවනින් ඇසේ
ඒ සෝ සුසුම් තුලින්
ඔය දෑස තෙත් කලේ //
මේ ගීය ගැයුවේ මා
ඔබ රිදවනු නොවේ

මා දෑසේ වේදනා
ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වෛර චේතනා //
මා දෑසේ වේදනා


ගායනය - රෝයි පිරිස්
සංගිතය, ගී පද - නිහාල් ගම්හේවා



වීඩියෝව ගත්තෙ මෙතනින් - samsri1981

Comments