මල් හිනා නගන්න - ඇන්ජලින් ගුණතිලක | Mal hina naganna - Anjalin Gunathilaka


මල් හිනා නගන්න සුසුදු ආදරේ
ළං වුණා වසන්ත කාලෙ ජීවයේ //
ආදරේ

ගයන ගයන ගීතයේ
වයන වයන තාලයේ //
මහද ඔබට මධුර තතකි
මිහිරිය මුදු ජීවිතේ

මල් හිනා නගන්න සුසුදු ආදරේ
ළං වුණා වසන්ත කාලෙ ජීවයේ
ආදරේ

බලන බලන බැල්මෙනි
නගන නගන කැල්මෙනි //
මහද විමන ඔබට පහන
කරමි අඳුරු ජීවිතේ

මල් හිනා නගන්න සුසුදු ආදරේ
ළං වුණා වසන්ත කාලෙ ජීවයේ
ආදරේ

පිපෙන පිපෙන මල් ලතා
කියන කියන පෙම් කතා //
අපගෙ මිහිරි මතක සිහින
සැබෑ කරයි ආදරේ

මල් හිනා නගන්න සුසුදු ආදරේ
ළං වුණා වසන්ත කාලෙ ජීවයේ //
ආදරේ


ගායනය - ඇන්ජලින් ගුණතිලක
තනුුුුුව - වික්ටර් දළුගම
ගී පද - ලලිත් එස්. මෛත්‍රීපාල




වීඩියෝව ගත්තෙ මෙතනින් - periwinklelk

Comments