පෙරුම් පිරුවෙ මම - අජිත් කුමාරසිරි, මදිවාදිනී | Perum piruwe mama - Ajith Kumarasiri, Madiwadini


පෙරුම් පිරුවෙ මම සමනළයෙක් වෙන්න
සිද්ධ වුණේ මට යුද සෙබළෙක් වෙන්න
සමනල්ලු ඉගිල්ලුණා යුද්ධය දිග හැරුණා
සමනල්ලු ඉගිල්ලුණා යුද්ධය දිග හැරුණා

මම නිදාගත්තෙ නෑ හීන දැක්කා විතරයි
කඳුළු ආවේ නෑ ලේ ගැලුවා මතකයි
සින්දු කිව්වෙ නෑ වෙඩි තිබ්බා විතරයි
හොඳම සොල්දාදුවා මමයි

පෙරුම් පිරුවෙ මම සමනළයෙක් වෙන්න
සිද්ධ වුණේ මට යුද සෙබළෙක් වෙන්න
සමනල්ලු ඉගිල්ලුණා යුද්ධය දිග හැරුණා
සමනල්ලු ඉගිල්ලුණා යුද්ධය දිග හැරුණා

ඈත ඉඳන් බලන් ඉන්න අය ත්‍රිල් ගන්න
සටන් බිම හරිම භයානකයි මං වින්ද
වෙඩි සද්දෙට
කුරුල්ලෝ බය වෙන හැටි හොඳටම දන්න
හොඳම සොල්දාදුවා මමයි


ගායනය - අජිත් කුමාරසිරි, මදිවාදිනී
සංගීතය, ගී පද - අජිත් කුමාරසිරි
චන්ද්‍රන් රත්නම්ගේ 'අලිමංකඩ' චිත්‍රපටියෙන්

මේ ගීතයේ දෙමළ පද ලියා දිය හැකි මිතුරෙක් සිටී නම් කමෙන්ටුවක් දැමීමට කාරුණික වන්න




වීඩියෝව ගත්තෙ මෙතනින් - msiri perera

Comments