මට දරාගන්න බැරි තරම්
හිතට දුක අරන් ඔබ ආවා
මට හිතාගන්න බැරි තරම්
හද සුසුම් අරන් ඔබ ආවා
මග බලා සිටියා ඔබේ රුව සොයන්
සිත මුලා කල නොයෙක් දේ ගැන සිතන්
එකක් රැයක් ගෙවුණි කල්පයක් තරම්
හිත අළුත් වුණා සිත නොසිතු තරම්
ඔබ ආවා
මට දරාගන්න බැරි තරම්
හිතට දුක අරන් ඔබ ආවා
මට හිතාගන්න බැරි තරම්
හද සුසුම් අරන් ඔබ ආවා
හිරු දැවී ගිලුණා අඳුරු වූ ලොවයි
එය එළිය නම් සරා සඳනම් ඔබයි
හිත පුරා රැඳුණු සැනසුමත් ඔබයි
මට කියා දෙන්න ඔබෙ සිතම තමයි
ඔබ ආවා
මට දරාගන්න බැරි තරම්
හිතට දුක අරන් ඔබ ආවා
මට හිතාගන්න බැරි තරම්
හද සුසුම් අරන් ඔබ ආවා
ගායනය - නිශාන්ත ප්‍රදීප්
වීඩියෝව ගත්තෙ මෙතනින් - Guerilla Filmmakers

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...