අතිනත අරන් යන විට - සංඛනී එදිරිසිංහ | Athinatha Aran Yanavita - Sankani Edirisinghe


අතිනත අරන් යන විට සෙමින්..
නව නෑසියන් සමඟින් මෙසේ..
මංගල සිලෝ හඩ අභිබවා මට..
නුඹේ මෘදු කටහඩ ඇසේ..
පියානෙනි...
ඔබේ ඇමතුම් හඬ ඇසේ...

මඟ නොමඟ මේ යැයි කියා..
ජීවිතේ අග මුල සොයා..
ඔබ කියාදුන් මහඟු පාඩම
හදේ ගැඹුරුම තැන තියා..
මගේ ඉරණම් ගමන මම යමි
ස්නේහයේ නව මං සොයා..

පන්නරය ලැබ ඔබ වෙතින්..
ජීවිතය සැකසුනු බැවින්..
පරපුරේ ගෞරවය රැකගෙන..
හිදින්නෙමි පතිනිය ලෙසින්..
දරු සෙනේ ඇට මිදුලු ගිනි බිද..
පවතිනා බව දනිමි මං..

අතිනත අරන් යන විට....

ගායනය : සංඛනී එදිරිසිංහ
පද රචනය : බණ්ඩාර ඇහැලියගොඩ
සංගීතය : රෝහණ වීරසිංහ

Comments