නෙතු දැහැන් බිඳී
හද විමන් වදී
සුරඟනක් වගෙයි කුමරී
සෙනෙහසින් වැදී
සිත ගිමන් නිවී
පෙම් කවක් ලියයි මිහිරී
ඝණදුරෙන් මිදී
තරු රැහැන් ඇදී
සිහිනයෙන් වඩී කුමරී
මීදුමෙන් ඇදී
සිසිලසින් එතී
නෙතු අගින් බලයි සොඳුරී
නෙතු දැහැන් බිඳී...
හසඟනන් පිරී
පෙති පියුම් ඇරී
කළඹවයි විලේ වැතිරී
සඳ කැලුම් රිදී
තුරු අගින් මිදී
නෙක දසුන් මවයි කිඳුරී
නෙතු දැහැන් බිඳී...
ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - කළණි පෙරේරා
ගී පද - සරත් ආනන්ද ඩිරෙක්ස්
වීඩියෝව ගත්තෙ මෙතනින් - Indiketi Hewage Rohan Indika
පද - සරත් ආනන්ද ඩිරෙක්ස්
ReplyDeleteස්වර - කළණි පෙරේරා
ෂා... මාරයිනේ :-)
Deleteහරිම ලස්සන ගීතයක්... මම අහලා තියනවා සරත් ආනන්ද ඩිරෙක්ස් ලියපු එකම ගීතය මේක කියලා...
ReplyDeleteවෙන්න ඇති. එතුමගෙ නම අහල නෑනෙ වැඩිය :D
Deleteමම ආසයි දැනගන්න, ඇත්තටම මේ ගීයෙන් කියවෙන්නේ කාන්තාවක් ගැනද, නැත්නම් කාන්තාවකට උපමා කරන ලද සඳ එළිය ගැනද කියලා.
ReplyDelete