දොඹ මල් කැලෑවේ - ගුණදාස කපුගේ | Domba Mal Kalawe - Gunadasa Kapuge


දොඹ මල් කැලෑවේ බමරුන් ගැයූ
කවියක් වගේ ආදරේ
අත්වැල් බැඳන් යන්න - ලංවී ලඟින් ඉන්න
සංසාර ගිරි දුර්ගයේ //

රෑ පිණි පොදේ සීත මිටියාවතේ
මේ කේතකී මල් වනේ
සඳ සේ උදාවූ සෙනෙහේ නිමාවේද
දුක් දොරකඩින් හෙට දිනේ

දොඹ මල් කැලෑවේ බමරුන් ගැයූ
කවියක් වගේ ආදරේ
අත්වැල් බැඳන් යන්න - ලංවී ලඟින් ඉන්න
සංසාර ගිරි දුර්ගයේ

කටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
හිනැහී දෙතොල් ඉරි තලා
පෑතුන් සඳක් නිසරු අහසේ පිපේවා
කටුවැට උඩින් පායලා

දොඹ මල් කැලෑවේ බමරුන් ගැයූ
කවියක් වගේ ආදරේ
අත්වැල් බැඳන් යන්න - ලංවී ලඟින් ඉන්න
සංසාර ගිරි දුර්ගයේ

ගායනය, සංගීතය - ගුණදාස කපුගේ
ගී පද - වසන්ත බණ්ඩාර දිසානායක

Comments

  1. වසන්ත බන්ඩාර දිසානායකගේ ගී පද සංගිතය කපුගේ. මේ ගීය මුලින්ම ගැයුවේ රජරට සේවයේ සරලගී සඳහා ජයතිලක බණ්ඩාර අනතුරුව කපුගේ කැසට් එකට ගැයුවා. දෙවතාවේම සංගිතය කපුගේගේ මයි

    ReplyDelete
  2. //රෑ පිණි පොදේ සිහින මිටියාවතේ// - රෑ පිණි පොදේ සීත මිටියාවතේ

    //කඩුතුඩු මතින් එන්න දුරු ගාව ගාවා
    හිනැහී දෙතොල් ඉරි තලා..
    පෑදුල් සඳක් නිසරු අහසේ දිලේවා
    තල් වැට උඩින් පාවෙලා..//

    කටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
    හිනැහී දෙතොල් ඉරි තලා..
    පෑ තුන් සඳත් නිසරු අහසේ පිපේවා
    කටු වැට උඩින් පායලා..

    වැරදිම හොයනව නෙවෙයි හරිද? වැරැද්දක් දැක්කොත් කියන්න කියලා ඔයාලම ඉල්ලලා තියනවනේ... මෙතන 'පෑ තුන් සඳත්' කියන යෙදුම ගැන නම් නම ඒ හැටි විශ්වාසයක් නෑ.. සමහර විට දයානන්ද අයියා දන්නවා ඇති..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තිසර...අපිටත් අවශ්‍ය මේ දේම තමයි..!!!
      ස්තූතියි නැවතත්...

      Delete
  3. පෑ තුන් සඳත් නිසරු අහසේ පිපේවා
    කටු වැට උඩින් පායලා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!

      වෙනස් කලා!

      Delete
  4. පැහැදුල් සඳක්-පැහැයෙන් දිදුලන සඳ
    පෑ තුන් නෙමෙයි

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...