මටම මම - කුෂාණි සඳරේඛා | Matama mama - Kushani Sandareka


මටම මම අවනත නොවී
නුඹට බැඳී ප්‍රේමෙන්
යසට නිදිගත් රැය පුරාවට
අවධියෙන් වැලපෙම්
දිවා රෑ
නුඹ දනීදෝ
නොදනිදෝ //

නුඹ පුදන සෙනෙහස මෙපමණයි
හඳුනා ගන්නට හැකි වුනානම්
හංස පැටවෙකු මෙන්
නැතේ මෙපමණ විරහවක්
හද හිඳී නිදුකින්

මටම මම අවනත නොවී
නුඹට බැඳී ප්‍රේමෙන්
යසට නිදිගත් රැය පුරාවට
අවධියෙන් වැලපෙම්
දිවා රෑ
නුඹ දනීදෝ
නොදනිදෝ

මේ සුවය සිත පුබුදු කෙරුවයි
සැබෑ සුව වින්දෙ මගෙන්මයි
දෙඩුවෙ නුඹ රහසින්
නැතේ මෙපමණ විරහවක්
මතක අමතක නම්

මටම මම අවනත නොවී
නුඹට බැඳී ප්‍රේමෙන්
යසට නිදිගත් රැය පුරාවට
අවධියෙන් වැලපෙම්
දිවා රෑ
නුඹ දනීදෝ
නොදනිදෝ


ගායනය - කුෂාණි සඳරේඛා
සංගීතය - කසුන් කල්හාර
ගී පද - අරුණ කිත්සිරි




වීඩියෝව ගත්තෙ මෙතනින් - ElaKiri

Comments

  1. niyamai masinduwa kiyanna wachana na mata. voice akat niyamata galapenawa

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...