මගෙ සිත සිහින විමන් - ෂෙල්ටන් මුතුනමගේ | Mage sitha sihina wiman - Shelton Muthunamage - sinhala lyrics



මගෙ සිත සිහින විමන් අතරේ තනි වෙලා
ඔබ මගෙ අසල හිඳී කුමරියෙ සැරසිලා
මා හැර නොයනු මැනවි
පියවි ලොවට සොඳුරු රැයේ
මගෙ සිත සිහින විමන් අතරේ තනි වෙලා
ඔබ මගෙ අසල හිඳී කුමරියෙ සැරසිලා

කඳුලක් දෑසේ තනිවෙන්න නොදෙනු කිසිදා
මා වෙත රහසේ ගෙන එන්න සුවඳ සැමදා //
තනි වීලා දුර නොයන්න පාළු රැයක සිත රිදවා

මගෙ සිත සිහින විමන් අතරේ තනි වෙලා
ඔබ මගෙ අසල හිඳී කුමරියෙ සැරසිලා
මා හැර නොයනු මැනවි
පියවි ලොවට සොඳුරු රැයේ
මගෙ සිත සිහින විමන් අතරේ තනි වෙලා
ඔබ මගෙ අසල හිඳී කුමරියෙ සැරසිලා

පිණි පොද වැස්සේ ඔබ මලකි සුවඳ හමනා
මම හිමිදිරියේ එමි රන් සමනලයකු සේ //
තනි වීලා දුර නොයන්න පාළු රැයක සිත රිදවා

මගෙ සිත සිහින විමන් අතරේ තනි වෙලා
ඔබ මගෙ අසල හිඳී කුමරියෙ සැරසිලා
මා හැර නොයනු මැනවි
පියවි ලොවට සොඳුරු රැයේ
මගෙ සිත සිහින විමන් අතරේ තනි වෙලා
ඔබ මගෙ අසල හිඳී කුමරියෙ සැරසිලා


ගායනය - ෂෙල්ටන් මුතුනමගේ
තනුව - ග්‍රේෂන් ආනන්ද
පද - ඩොනල්ඩ් අයිවන්




වීඩියෝව ගත්තෙ මෙතනින් - lanka lions

Comments