බුදු පුතේ වෙසක් සඳ වාගෙයි - චන්දන ලියනාරච්චි | Budu puthe wesak sanda wagei - Chandana Liyanarachchi - sinhala lyrics


බුදු පුතේ වෙසක් සඳ වාගෙයි
අපෙ බුදු ගෙයි පහන
මගෙ හිතේ කඳුළු දියවෙනවා
රහසින් හැමදාම
ඔබ වැරදි කලත් සමාව දෙන
වෙසක් පෝය දාට
සිල් ගන්නෙ නුඹෙ පියත් වැලිකඩ
හිරගෙයි දොර ගාව


අවවාද කරනවා අකුරටත් යවනවා
රජ කරවන්නට පුතාව මහ පොළොවෙ හැපෙනවා
නුඹ වැරදි කරනවා මං සමාව දෙනවා
රත්තරන් පුතේ තාත්තා හැමදාම හඬනවා

බුදු පුතේ වෙසක් සඳ වාගෙයි
අපෙ බුදු ගෙයි පහන
මගෙ හිතේ කඳුළු දියවෙනවා
රහසින් හැමදාම
ඔබ වැරදි කලත් සමාව දෙන
වෙසක් පෝය දාට
සිල් ගන්නෙ නුඹෙ පියත් වැලිකඩ
හිරගෙයි දොර ගාව


සිහිවන්න බුදුගුණ කියවන්න බණ පොත
මිනිසෙකුගෙ තියෙන වටිනාකම දැනෙයි පුතුටම
බුදු පුතෙක් වුණෙ ඔබ රත්තරන් පියෙකුට
මතු මතුත් දෙන්නෙපා වරදට පුතුනි ඔය හිත

බුදු පුතේ වෙසක් සඳ වාගෙයි
අපෙ බුදු ගෙයි පහන
මගෙ හිතේ කඳුළු දියවෙනවා
රහසින් හැමදාම
ඔබ වැරදි කලත් සමාව දෙන
වෙසක් පෝය දාට
සිල් ගන්නෙ නුඹෙ පියත් වැලිකඩ
හිරගෙයි දොර ගාව


ගායනය - චන්දන ලියනාරච්චි
තනුව - ජයසිරි අමරසේකර
ගී පද - චන්න ජයනාත්




වීඩියෝව ගත්තෙ මෙතනින් - sinhala song & video

Comments